මුහුදෙන් හොරට ගෙනා විශාලතම කහ තොගය  STF අත්අඩංගුවට 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේනේ කඳවුරේ නිලධාරීන් විසින් 27 රාත්‍රී කරන ලද මෙහෙයුමකින් මෑත කාලීනව මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධී ලෙස ගෙනැවිත් අත්අඩංගුවට ගනු ලැබූ විශාලතම කහ තොගය, කලමැටියාන ගුරුපොකුණ ධීවර වරායට ට්‍රෝලර් යාත්‍රාවකින් රැගෙන ආ පසුව පුද්ගලයන් පස් දෙනකු සමග අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී කහ කිලෝ 20,000කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ධිවර බෝට්ටුව මුහුදු ගොස් ඇත්තේ පසුගිය 15 වැනිදා 18 වැනිදා ත් අතර කාලය තුළ දී ය.
මොවුන් ඉන්දීය මුහුදු සීමාව ආසන්නයට ගිය පසුව කුඩා බෝට්ටුවලින් රැගෙන ආ කහ මෙම යාත්‍රාවට පටවා තිබේ.
මෙහෙයුමේදී සැකකරුවන් දෙදෙනකු මුහුදට පැන තිබූ අතර ඔවුන් දෙදෙනා අද උදෑසන පිහිනා ගොස් කුඩා බෝට්ටු තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
ටෝලර් යාත්‍රා හිමිකරු බේරුවල පදිංචිකරුවෙකි.