ප්‍රබෝධා හෙට්ටිආරච්චි
දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික් 16කට මිලිමීටර් 150කට අධික තද වැසි ඇතිවිය හැකි බව අනතුරු ඇඟවෙයි.
සෙසු දිස්ත්‍රික්වල ද තද වැසි සහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි බලාපොරොත්තුවේ.
උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින්විට වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල ට මි.මී. 150 ට වැඩි තද වැසිද ඇතිවිය හැක.
සෙසු ප්‍රදේශවල විශේෂයෙන්ම ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල ටමි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.