එළඹෙන දශකයේ ආර්ථික බලවතා චීනයයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන නව දශකය අවසානයෙදී , එනම් 2030 වසර වනවිට , චීනය ලෝකයේ ප්‍රධානතම  ආර්ථික බලවතා බවට පත්වනු ඇති බව බ්‍රිතාන්‍යයේ ” සෙන්ටර් ෆෝ ඉකොනොමික් ඇන්ඩ් බිස්නස් රිසර්ච්” පර්යේෂණ ආයතනය නිකුත්කළ නවතම වාර්තාවක දැක්වේ.

ඒ අනුව 2030 වර්ෂය වන විට දැනට ලෝකයේ ප්‍රධාන ආර්ථික බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය දෙවන තැනට පත්වී දැනට දෙවන ස්ථානයේ පසුවන චීනය එම ස්ථානයට පැමිණෙනු ඇති අතරම එහිදී ලෝකයේ තෙවන ආර්ථික බලවතා බවට පත්වනු ඇත්තේ ඉන්දියාව වන බවද එම වාර්තාවේ දැක්වේ

2019 වර්ෂයේ ලොව පස්වන ආර්ථික බලවතා වූ ඉන්දියාව 2020 වර්ෂයේදී හයවන ස්ථානයට පත්ව ඇත්තේ බ්‍රිතාන්‍යයට යළි පස්වන ස්ථානය හිමිකර දෙමිනි.

කෙසේවෙතත්, මෙම වාර්තාවට අනුව වර්ෂ 2025 දී පස්වැන්නා වන බ්‍රිතාන්‍යයත්, 2027 දී සිවිවැවන්නා වන ජර්මනියත්, 2030 දී තුන්වැන්නා වන චීනයත් අභිබවා යමින් ඉන්දියාව ලොව තුන්වන ආර්ථික බලවතා බවට පත්වීමට නියමිතය.

ඒ අනුව 2030 වර්ෂය වන විට ආසියාවේ රටවල් තුනක්, එනම් චීනය, ඉන්දියාව සහ ජපානය පිලිවෙළින් ලොව පළමු, තුන්වන සහ සිවිවන ආර්ථික බලවතුන් බවට පත්වනු ඇත.