ප්‍රබෝධා හෙට්ටිආරච්චි
යුරෝපා සංගමයේ සියලු රටවල කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා දෙන ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත ලබාදීම ආරම්භ කර තිබේ.
ඒ අනුව යුරෝපා සංගමයේ කලාපීය රටවලට මූලික ඇනවුමෙන් ලද එන්නත් මාත්‍රා මිලියන 200ක් බෙදාහැර ඇති බව එම සංගමයේ සභාපතිනී උර්සුලා වෑන් ඩර් ලෙයින් පැවසුවාය.
තවත් එන්නත් මාත්‍රා මිලියන 100ක් ලැබීමට නියමිතය. එක් රෝගියකුට මාත්‍රා 2ක් ලබාදිය යුතු ය. යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන මුලු ජනගහනය මිලියන 450කි. එබැවින් සෙසු එන්නත් ලබාගැනීමට සිදුව ඇත්තේ ඇස්ට්‍රාසෙනෙකා, මොඩර්නා කොවිඩ් එන්නත් නිශ්පාදකයන්ගෙනි.
එන්නත්කරණ වැඩපිළිවෙල තෙදිනක් පුරා ක්‍රියාත්මක ය.
ප්‍රංශය, ස්පාඤ්ඤය, බෙල්ජියම, ඉතාලිය ඇතුලු කොවිඩ් වසංගතයේ වැඩිම පීඩාවට පත් රාජ්‍යයන් සියල්ල සඳහාම මේ එන්නතක්කරණය ආරම්භ කර ඇත.
එහිදී වැඩහිටියන් සහ සෞඛ්‍ය අංශ සේවකයින් සඳහා වැඩි ප්‍රමුඛතාව ලබාදී තිබු අතර මුලින්ම මාත්‍රා ලබාදෙන ලද්දේ සෞඛ්‍ය අංශයේ වෛද්‍යවරුන් හෙදියන් සහ වෙනත් කාර්‍ය මණ්ඩලයට ය.
මේ අතර එන්නත ලබානොගන්නා සියල්ලන්ම රහසිගත ලැයිස්තුවක් ලෙසින් පවත්වාගැනීමට ස්පාඤ්ඤය තීරණය කර තිබේ.