නවතම පුවත්

කාලගුණය ගැන අවධානය මදි යැයි දහස් ගණන් ඕස්ට්‍රේලියානු සිසුන් මහමග විරෝධතාවයක

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

ඕස්ට්‍රේලියානු රජය අනුගමනය කරන කාලගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රමාණවත් නොවන බව පවසමින් දස දහසකට අධික එරට පාසල් සිසුන් ප්‍රමාණයක් වීදි බැස උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කර ඇත.

මේ හේතුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාව පුරා පාසල් රැසක් වසාදමා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී .

කාලගුණ විපර්යාස සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අසමත් බවද මෙම පාසල් සිසුන්ගේ ප්‍රධානතම සටන් පාඨයක් ව ඇත .

ඕස්ට්‍රේලියාව පුරා මෙම විරෝධතා උණුසුම්ව පැතිර යමින් පවතින අතර මේ වනවිට ඕස්ට්‍රේලියාව රාජ්‍ය මට්ටමින් මෙම විරෝධතා සමනය කිරීමට මැදිහත්වී ඇති බවද වාර්තා වේ.

මෙල්බන්, සිඩ්නි, ඇඩිලේඩ්, කැන්බරා සහ හොබට් ඇතුලු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කේන්ද්‍රකරගනිමින් විරෝධතාකරුවන් දස දහස් ගණනින් එකතුවී සටන් පාඨ සහිත පෝස්ටර්, බැනර් ප්‍රධර්ශනය කරමින් විරෝධතාවල නිරතව සිටිති.

විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසා සිටින්නේ තමන්ට හිමි අනාගතය විනාශකර නොදමන ලෙසය.

මීට මාස පහකට පමණ පෙර ‌මෙම විරෝධතා ආරම්භ වූ අතර ‌ෙමේ වනවිට අති විශාල සිසුන් සංඛ්‍යාවක් විරෝධතා සඳහා එක්ව ඇත.



How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්