කොරෝනා මර්දන එන්නත මෙරට මුලින් ම ලබා දිය යුතු අවදානම් පිරිස මිලියන 4 කට අධික බවට හඳුනාගෙන ඇති බව, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කර සිටී .
මෙසේ හඳුනාගන්නා පිරිස් වෙත මෙරටදී කොරෝනා මර්දන එන්නත් කිරිම් ලබන මාර්තු මාසය පමණ වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ද, ඇය මාධ්‍ය වෙත ප්‍රකාශ කළාය.
, මේ වනවිට නිෂ්පාදනය ආරම්භ කර ඇති එන්නත් අතුරින්, යම් එන්නතක් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා ඇනවුම් කර ලබා ගන්නා බවද ඇය පැවසීය .