21 දා සිට සංචාරක කර්මාන්තය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මකවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලබන ජනවාරි 21 වනදායින් පසු සාමාන්‍ය පරිදි සංචාරක කර්මාන්තය මෙරට තුල  ආරම්භ කිරීමට සැලසුම් සකස් කර ඇතැයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම  ප්‍රකාශ කර සිටී .

. එහි සභාපති විශ‍්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා මාද්‍ය වෙත  පැවසුවේ මේවනවිට කි‍්‍රයාත්මක සංචාරක නියමු ව්‍යාපෘතිය මාසයක පමණ කාලයක් සිදුකරන බවයි.

එම කාලය තුළ සංචාරකයින් 1000 කට වැඩි සංඛ්‍යාවක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂිතයි. මෙම නියමු ව්‍යාපෘතියේ ප‍්‍රථිපල මත ජනවාරි මාසයේ අග භාගයේදී සංචාරක කර්මාන්තය යළි සාමාන්‍ය පරිදි ආරම්භ කරනු ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය