රුපියල මත පීඩනය අඩුවේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොළෙහි උච්ඡාවචනයන් පාලනය කිරීමට ගත්  ක්‍රියාමාර්ග හේතුවෙන් අද දින වනවිට ඇමරිකානු ඩොලරයට සාපේකෂව, ශ්‍රී ලංකා  රුපියලේ අගය යම් පමණකින් ඉහල ගොස් ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (30) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 185.20 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 190.02 ක් ලෙසින් වාර්තා විය.

කෙසේ වෙතත් පසුගිය  24 දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 189.08 ක් හා විකුණුම් මිල රු. 194.66 ක් ලෙසින් සටහන් විය

මේ අතර අද (30) දින එක්සත් ජනපද ඩොලරයේ අනුරූපිත එතැන් අනුපාතිකය (SPOT Exchange Rate) රු. 187.96 ක් ලෙසින් සටහන් වී තිබේ. මෙම අගය දෙසැම්බර් 28 දින රු. 190.28 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.