පුවත්පත් පඩිපාලක සභාවට මාධ්‍යවේදීන් තිදෙනෙකු පත්වීම් ලබයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

පුවත්පත් පඩි පාලක සභාවට   අමාත්‍යවරයා විසින්  නම්කරන නියෝජිතයින් තිදෙනා ලෙස  ප්‍රථම වරට, මාධ්‍යවේදීන් තිදෙනෙකු තෝරා පත්කිරීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  පියවර ගෙන ඇත .

ඒ අනුව දිනමිණ පුවත්පතේ හිටපු කතෘවරයෙකු මෙන්ම නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු වන  සී . දොඩාවත්ත මහතාද , ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී , ආසියානු මාධ්‍ය හා සංස්කෘතික සංගමයේ සභාපති උපුල් ජනක ජයසිංහ මහතාද , දෙරණ මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සභාපති ලක්සිරි වික්‍රමගේ මහතාද මේ සඳහා පත්වීම් ලැබ ඇත .