නව වසරේ , ජනතා විශ්වාසය පළුදු කරන්නේ නැහැ – ජනපති

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩය නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ  නව වසරේ කුමන බාධකයන්ට මුහුණදීමට සිදුවුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්ය රජය  සතුව ඇති බවය.

විනය ගරුක රටක ආර්ථික හා සමාජයීය සශ්‍රීකත්වය සිහිපත් කරන ජනාධිපතිවරයා  සියලු දෙනාට විනයගරුකව තම කාර්යභාරයන් මැනවින් ඉටු කර ගැනීමට අධිෂ්ඨාන කර ගන්නා ලෙස ඉල්ලීමක් කරයි.

රටටත්, ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන බව ද ජනාධිපතිවටයා  සිය සුබ පැතුම් පණිවුඩයෙන් පෙන්වා දෙන්නේය.