දකුණු මුහුදේ ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමේ යෙදුණු යාත්‍රාවක් සහ සැකකරුවන් අත්අඩංගුවට

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

මත්කුඩු ප්‍රවාහනයට යොදාගත් බවට සැක කරන බහුදින යාත්‍රාවක් ගාල්ල ධිවර වරාය ආසන්නයේ පිහිටි ජාකොටුව වැල්ලේදී නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන තිබේ.

පාකිස්තානයේ සිට ජාත්‍යන්තර මුහුදු තීරයට මත්කුඩු ජාවාරම්කරුවන් විසින් රැගෙන පැමිණි මත්කුඩු තොගයක් දකුණු මුහුදු තීරයෙන් ගොස් ජාත්‍යන්තර මුහුදු සීමාවේ දී මෙම යාත්‍රාවට පටවා ගත් බවට ලැබී තිබූ බුද්ධි තොරතුරකට අනුව මෙම යාත්‍රාව පසුපස හඹා යමින් තිබියදී එම යාත්‍රාවේ මත්ද්‍රව්‍ය මුහුදට විසි කර ඇති බවට සැක කෙරෙන තොරතුරු රාශියක් මේ වන විට අනාවරණය වී ඇත.

එසේ මුහුදට විසිකළා යැයි සැකකෙරෙන කිලෝ 2ක් බරැති මත්කුඩු පාර්සලයක් මේ වන විට සොයාගෙන ඇති අතර නාවික හමුදාව මේ වන විට අදාළ මුහුදු තීරයේ ඒවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ.

එම යාත්‍රාවේ සිටි පුද්ගලයන් 5 දෙනෙක් නවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත බාරදීමට නියමිතයි.

මේ වන විට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ කණ්ඩායමක්ද ගාල්ල ප්‍රදේශයට ගොස් මේ පිළිබඳ පරීක්ෂණ සදහා සහභාගි වී ඇත.