නවතම පුවත්

සිනමා ශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක්

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන්, 2020 මාර්තු මස සිට සිනමාශාලා වසාදැමීම නිසා  මුල්‍ය දුෂ්කරතාවන්ට ලක්වූ සිනමාශාලා හිමියන්ට සහන සැලසීමේ අරමුණින්, සිනමාශාලාවන්හි හිඟ විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීමට විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ  එකඟතාවය ලැබී ඇති බව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍ය, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබාදුන් උපදෙස් පරිදි, මේ සම්බන්ධයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා සහ විදුලිබල අමාත්‍ය ඩලස් අලප්පෙරුම මහතා අතර සාකච්ඡාවක් පවත්වන ලද අතර, එහිදී මෙම සහන ලබාදීමට තීරණය කළ බව ජාතික චිත්‍රපට සංස්ථාව පවසයි.

ඒ අනුව. 2020 මාර්තු මස සිට දෙසැම්බර් දක්වා වූ ගෙවීම් නොකරන ලද  සිනමාශාලා විදුලි බිල්පත් මාස 12 කින් (සමාන වාරික 12 කින්) පියවීමට අවස්ථාව ලබාදීමට නියමිතය.

එමෙන්ම, මෙම කාලසීමාව තුළ හිඟ බිල්පත් මත විදුලිය විසන්ධි නොකිරීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා වන උපදෙස් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට සහ ලංකා විදුලි පුද්ගලික සමාගමට ලබා දී තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය හේතුවෙන් ඇති වූ වාතාවරණය මත සිනමාහල් හිමියන් මුහුණ දෙන ආර්ථික අභියෝග මෙන්ම නවීන ඩිජිටල් ප්‍රක්ෂේපණ යන්ත්‍ර ඇතුළු තාක්ෂණික මෙවලම්  දිගු කාලයක් අක්‍රීයව තැබීමෙන් දෝෂ ඇතිවීම වැනි තත්වයන් ද චිත්‍රපට ප්‍රදර්ශනකරුවන්ගේ සංගම් මගින් කළ ඉල්ලීම් ද මෙම තීරණය ගැනීමේදී සැලකිල්ලට ගෙන ඇත. ඒ අනුව, ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි, දිවයින පුරා පිහිටා ඇති සිනමා ශාලා 194 ක ට පමණ මෙම විදුලි බිල්පත් ගෙවීමේ සහනය හිමි වේ.

කොවිඩ් 19 හේතුවෙන් වසා තිබුණු සිනමාශාලා 2021 ජනවාරි මස 01 වැනිදා සිට නැවත විවෘත කිරීමට කටයුතු යොදා ඇත.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා