පැතුම් වික්‍රමරත්න
ඉදිරියේදී පැවැත්වෙන පළාත්සභා මැතිවරණයේදී , සාධාරණ ආසන සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොලැබුණහොත් පක්ෂයක් ලෙස තනි ගමනක් යාමට වුවද තීරණය කල හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති වත්මන් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා අනතුරු අඟවා සිටී
”ද හින්දු” පුවත්පත සමඟ සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර ඇත
පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ආසන 30 ක් ඉල්ලා සිටි අතර එම කෝටාව ලබා දුන්නේ නම් අවම වශයෙන් ආසන 25ක් හෝ ලබාගැනීමට හැකියාව තිබුණු බව හිටපු ජනාධිපතිවරයා කියා ඇත.
කෙසේවෙතත් තවදුරටත් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධානයක් ලෙස මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටින නමුත් එහිදී සාධාරණ ආසන සංඛ්‍යාවක් නොලැබුණහොත් තීරණයක් ගැනීමට සිදුවන බව ඔහු අවධාරණය කර තිබේ.
එහෙයින් සන්ධානයක් ලෙස එක්ව යාම මෙන්ම පක්ෂයක් ලෙස තනිව ගමන් කිරීම යන විකල්ප දෙකමටම සූදානම් බව හෙතෙම ප්‍රකාශ කරඇත