‍බොරුල්ල කනත්තෙනුත් ගසා කෑ බ්ලැක් ලිස්ට් සමාගමට කොළඹ මහනගර සභාවෙන් යළිත් අවස්ථාවක්

Picture of අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

දූෂණ වංචාවන් හේතුවෙන් අසාදු ලේඛනගතව ඇති සමාගමකට යලි බොරැල්ල සුසාන භූමියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලබාදීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත.

සීමාසහිත රන්සවී කන්ස්ට්‍රක්ෂන්ම පුද්ගලික සමාගමට මෙසේ නැවත බොරැල්ල සුසාන භූමියේ හින්දු ආගමික අදාහනගාරයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව භාරදී ඇති අතර එම සමාගම මීට පෙර මෙම සුසාන භූමියේම බෞද්ධ ආගමික අංශයේ ඉදිකිරීම් කටයුතු වලදී මහජන මුදල් වංචාකල බවට චෝදනා ලබා ඇත.

එම චෝදනා විමර්ශනයෙන් පසුව එම සමාගම අසාදු ලේඛ්නයටද එක්කර ඇති අතර එහිදී , එවකට සුසාන භූමි පාලක වැඩ තහනමකටද ලක්කර ඇත. එසේම එම ඉදිකරීම් භාරව සිටි ඉංජිනේරුවරුන් දෙදෙනකු හා ඉන්ජිනේරුවරියකට ස්ථාන මාරුවීම් ලබාදී ඇත .

කෙසේ වෙතත් එසේ මහජන මුදල් වංචා කර අසාදු ලේඛනගතව ඇති සමාගමකට යලි එම ඉදිකිරීම් ව්‍යාපෘතිය ලබාදීම බරපතල ගැටළුවක් බව නගරසභාවේ විපක්ෂ කණ්ඩායම් මෙනම් සේවක මණ්ඩලද ප්‍රශ්න කර සිටිති.

ඒ අනුව මේ පිළිබඳව කොළඹ මහනගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා වෙත ලිඛිත පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

මෙම සමාගමේ පෙර ක්‍රියාකලාප හේතුවෙන් වැඩ තහනමට හා ස්ථාන මාරුවීම් වලට ලක්වූ සේවකයින් තවමත් එම දඩුවම් වලට මුහුණ දෙමින් සිටින අතර , සමාගමට යලි කොන්ත්‍රාත්තු ලබාදීම අතිශය අසාධානරණ බවත් මේ කටයුතු ගැන පූර්ණ විමර්ශනයක් කරන ලෙසත් ගොනවෙල මහත්මිය මෙම ලිපිය හරහා ආණ්ඩුකාරවරයා වෙත දන්වා ඇත.