රෙජිස්ටර් නැති සැනිටයිසර් ලබන 01 දා සිට තහනම්

Picture of අසංක

අසංක

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති දෑත් සනීපාරක්ෂක දියර (Hand Sanitizer) තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

2021 පෙබරවාරි 1 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙය නිකුත් කර තිබේ.

ඒ අනුව දෑත් සනීපාරක්ෂක දියර (Hand Sanitizer) ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ විකිණීම එදින සිට තහනම් කෙරේ.