ශ්‍රීලනිපයේ මහත්වරුන්ට සජබෙන් ආරාධනා

Picture of අසංක

අසංක

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයට මැතිවරණ කාලෙත් වේදිකාවේ හූ තිබ්බා. ඡන්දෙන් පස්සෙත් ඊට වඩා හූ තියවලා තියෙන්නෙ. ඊට වඩා හොඳයි මහත්වරු වගේ එකතු වෙන්න අපිත් එක්ක. අද මේ රටේ ප්‍රධාන විපක්ෂය විදිහට අපි හදන වේදිකාවට ඉදිරියේදී විශාල පිරිසක් එකතු වෙනවා. ඒ හයියට එකතු වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා”

මෙම ආරාධනය කළේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතායි.

මාවනැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කබීර් හෂීම් මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට මෙම ආරාධනය කළේය.