ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට සහභාගීවන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණියහ .
එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරග දෙකම පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලියේ පළමු තරගය ලබන 14 වැනි දා ආරම්භ වීමට නියමිතය.
දෙවැනි තරගය ලබන 22 වැනි දා ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.
ජයාරූපයේ දැක්වෙන්නේ එංගලන්ත ක්‍රිකට් නායක ජෝ රූට් මෙරටට පැමිණෙන අවස්ථාවේ , මුඛ ආවරණයක් වෙනුවට රෙදි කඩක ආධාරයෙන් තම මුහුණ වසාගෙන සිටින අයුරුය