මත්තලින් ගොඩබැස්ස  එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයකුටත්  කොවිඩ් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ශ්‍රී  ලංකා සංචාරයකට එක්වී සිටින එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ  තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලිට කොවිඩ් -19 වැළඳී ඇති බව වාර්තා වේ.
එංගලන්ත කණ්ඩායම අද දින පුහුණුවීම ඇරඹීමට නියමිතව තිබුණ ද පවතින තත්ත්වය හේතුවෙන් පුහුණුවීම් බදාදා සිට ඇරඹීමට තීරණය කර තිබේ.
එංගලන්ත කණ්ඩායම මත්තල ගුවන්තොටුපළින් පෙරේදා (4) මෙරටට පැමිණි අතර එහිදී ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේදී ආසාදිත බවට තහවුරු වී තිබේ.
ඒ අනුව, මොයීන් අලි දින 10ක් නිරෝධායනය සඳහා ගාල්ලට යැවීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.
ශ්‍රී ලංකා – එංගලන්ත පළමු ටෙස්ට් තරඟය ජනවාරි 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අරම්භවීමට නියමිත අතර එම තරඟයට මොයීන් ට එක්වීම අපහසු ය.
මේ අතර, මොයීන් ගේ ආශ්‍රිතයෙක් ලෙස සලකා වේග පන්දු යවන ක්‍රිස් වෝක්ස් ට ද ස්වයං නිරෝධායනය වන ලෙස දන්වා තිබේ.