එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර , අනිවාර්යයෙන්ම කොරෝනා වෛරසයට එරෙහි එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීමට හැකි වනු ඇති බව .එම එන්නත ලබාදීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී , ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා අවධාරණය කර සිටී .
මෙම එන්නත මෙරට ජනතාවට ලබාදෙන ආකාරය පිලිබඳ මූලික සැලසුම් සියල්ල ලබන 11 දිනට පෙර සකස් කර අවසන් කරන බවත් , ඒ අනුව මෙරටට ලබාගන්නා කොවිඩ් එන්නත කුමක්ද යන්නද එහිදී ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.
මෙම එන්නත මෙරටට ලබාගැනීම සඳහා වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බවද ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී
එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා අවශ්‍යකරන මුල්‍ය සම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකර අවසන් කර ඇති අතර පුද්ගලික අංශයද මීට විශාල දායකත්වයක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවද ඒ මහතා පැවසීය