සිංහල-හින්දු අවුරුද්දට කලින් ලාංකිකයන්ට කොවිඩ් එන්නත්කරණය ඇරඹේ

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ,  අනිවාර්යයෙන්ම  කොරෝනා  වෛරසයට එරෙහි   එන්නත මෙරට පුද්ගලයින්ට ලබාදීමට හැකි වනු ඇති බව එම එන්නත ලබාදීමට අදාළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී , ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා අවධාරණය කර සිටී.
මෙම එන්නත මෙරට  ජනතාවට ලබාදෙන ආකාරය පිලිබඳ මූලික සැලසුම් සියල්ල  ලබන 11 දිනට පෙර සකස් කර අවසන් කරන  බව හෙතෙම අවධාරණය කළේය.
 ඒ අනුව මෙරටට ලබාගන්නා කොවිඩ් එන්නත කුමක්ද යන්නද එහිදී ප්‍රකාශයට පත්කිරීමට හැකිවනු ඇති බවත් ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය.
මෙම එන්නත මෙරටට  ලබාගැනීම  සඳහා වන සාකච්ඡා මේ වනවිටත් අවසන් මට්ටමේ පවතින බවද  ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටී
එමෙන්ම එන්නත් ලබාගැනීම සඳහා අවශ්‍යකරන මුල්‍ය සම්පාදන කටයුතු ද මේ වනවිට සිදුකර අවසන් කර ඇත.
  පුද්ගලික අංශයද මීට විශාල දායකත්වයක් ලබාදීමට එකඟතාව පළකර ඇති බවද ඒ මහතා පැවසීය.