දම්පත් රණසිංහ
මාවනැල්ල හිඟුල බුදු පිළිමය පිහිටා ඇති කුටියේ වීදුරුව බිඳ දමා ඇත්තේ එහි ඇති මුදල් සොරා ගැනීමට ගිය මත්කුඩු ලෝලියකු විසින් බව අනාවරණය වෙයි.
එම මත්කුඩුලෝලී සැකකරු පෙරේදා (4) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේ දී මේ බව හෙළි වී ඇත.
30 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචි කරුවෙක් වන අතර විහාරස්ථානවල පිං කැට පිං කැන් කැට කඩා මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් ද ඔහුට මීට පෙරද චෝදනා එල්ල වී ඇත .
ඔහු පවසා ඇත්තේ පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් එහි බොහෝ වේලාවක් සිට යළි හිඟුලට පැමිණි අවස්ථාවේදී රාත්‍රී 11.50ට පමණ මෙම ස්ථානයට පැමිණි බවත් මාර්ගයේ කිසිවකු නොසිටීම නිසා එහි මුදල් සොරා ගැනීමට යාමේදී වීදුරුව බිඳී ගිය බවත් සැකකරු පවසා ඇත.
එහි තිබූ රුපියල් හැටක් රැගෙන සැකකරු එතනින් ගොස් තිබේ.