නවතම පුවත්

යුරෝපය නැවත වසා දැමෙන ලකුණු !

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොරෝනා ව්‍යාප්තිය ඉහල යාමත් සමග  යුරෝපය යළිත් වසා දැමීමේ අවදානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය අවධාරණය කර ඇත .
දැනටමත් දැඩි කොරෝනා රෙගුලාසි කි‍්‍රයාත්මක යුරෝපා රටවල් කිහිපයක්ම එම රෙගුලාසි තවත් දැඩි කිරීම  සම්බන්ධයෙන් සමාලෝචනය කරමින් සිටින බවද  විදෙස් වාර්තා පෙන්වා දෙ.
ඒ අනුව යුරෝපය යළි වසා දැමීමේ අවදානම තීව‍්‍ර කරමින් එංගලන්තය සති 06 ක කාලයක් සඳහා ඊයේ (5) වසා දැමුණු අතර ස්කොට්ලන්තය ද අද රාති‍්‍රයේ අර්ධ වශයෙන් වසා දැමේ .  අයර්ලන්තය හා වේල්සය ද පවතින්නේ දැඩි කොරෝනා රෙගුලාසිවලට යටත්වය.
මේ අතර නත්තල් සැමරුමට සමගාමීව ඉතාලියට පනවා තිබූ කොරෝනා රෙගුලාසි තවදුරටත් දීර්ඝ කිරීමටයි එරට රජය තීරණය කර ඇත.
ඒ අනුව ඉතාලියේ කොරෝනා රෙගුලාසි ලබන ජනවාරි මස 15 වනදා තෙක් බලපැවැත්වෙනු ඇත. එම කාලයේ එරට  මත්පැන් අලෙවිසැල් හා ආපනශාලා විවෘත වන්නේ  ඇනවුම් ලබාදීම සඳහා පමණි .
මේ අතර දැනටමත් වසා දමා ඇති ජර්මනිය ද එම සීමා තවදුරටත් දීර්ඝ කිරීමටයි අවධානය යොමුව ඇත.
ඒ අනුව ජර්මනිය තවදුරටත් වසා දමන්නේද යන්න සම්බන්ධයෙන් චාන්සලර් ඇන්ජලා මර්කල්, තීරණයකට එළඹෙනු ඇත.
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා