අධික ගාස්තු අයකර , හෝටල්වල කෙරෙන නිරෝධායනය නවතා දැමිය යුතුයි – නාමල් රාජපක්‍ෂ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදේශ ශ්‍රමිකයින් අධික මිලට හෝටල්වල නිරෝධායනය කිරීම නවතා දැමිය යුතු බව සමාජ මාධ්‍ය හරහා පණිවුඩයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා අවධාරණය කර සිටී

මෙරට ඇතැම්  හෝටල්වලින් නිරෝධායනය වෙනුවෙන් ලබා ගත් අයකිරීම් ගැන විමර්ශනයක්  කළ යුතු බවද  ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  මෙහිදී සඳහන් කර ඇත
මුදල් ගෙවා හෝටල්වල කරන නිරෝධායනය නවතා රජය විසින් නොමිලේ සියලුම ශ්‍රමිකයින් නිරෝධායන කළ යුතු බව ද අමාත්‍යවරයා එහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.