නවතම පුවත්

පේපෑල් ළඟදීම

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

 පැතුම් වික්‍රමරත්න
අන්තර්ජාලය තුළ ක්‍රියාත්මක වන ජනප්‍රියතම  මුදල් හුවමාරු සේවාවක් ලෙස සැලකෙන පේපෑල්(PayPal) යෙදවුම ළඟදීම මෙරට තුල ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්‍ෂා කරන බව ශ්‍රී ලංකා මහා බැංකුව අවධාරණය කර සිටී
මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, එම සාකච්ජා ධනාත්මක තත්වයක පවතින  බවද  ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් මහතා මාධ්‍ය වෙත  ප්‍රකාශ කර සිටි.මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක් || ADA Online
“පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (04) මේ බව මාධ්‍ය වෙත  කියා සිටියේය .
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්,මහතා මෙසේද පැවසීය
“නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් 2020 වසරේ දී ගෙවීම් හා පියවීම් අංශයෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට හැකිවුවා. නියාමන රාමුව ශක්තිමත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සහ තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ ගෙවීම් හි පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව සහතික කිරීම සහ ගෙවීම් හා පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදිය විශේෂ අවධානයක් යොමු වූ අංශ විය.
ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු. අනාගත ගෝලීය මූල්‍ය තාක්ෂණය අත්‍යවශයෙන්ම ඩිජිටල්කරණය වූවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් මුදල් (Digital currencies) පිළිබඳ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් සමඟ තම විචාරණය, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය තුළින් සහ දීර්ඝ කාලීන දෘෂ්ටි කෝණයකින් තවදුරටත් සිදුකෙරෙනු ඇත”
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා