කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය  කාටවත්  දෙන්නෙ නෑ – අගමැති 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හෝ එහි කොටසක් ශ්‍රී ලංකා රජයෙන් පරිබාහිර කිසිදු පාර්ශ්වයකට පැවරීමට මේ වනතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටී .
ඊයේ(5) පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක, අනුර දිසානායක මහතා යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
කොළඹ වරායෙ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් පසුගිය යහපාලන රජය සමයේ ඉන්දියාව සහ ජපානය සමග ගිවිසුමකට එළඹ ඇති බවද අගමැතිවරයා ප්‍රකාශ කළේය.
මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් වරාය විෂයභාර අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ නැගෙනහිර පර්යන්තයට අදාලව පසුගිය රජය සමයේ එළඹ ඇති ගිවිසුම දින වකවානු නොමැතිව අත්සන් කර ඇති බැවින් එම ගිවිසුමෙන් ඉවත් වීමේ අපහසුතාවයක් තිබෙන බවයි.