හීං බිංකොහොඹ යොදා නිපදවූ කොරෝනා මර්ධන ඖෂධයට , තායිලන්තයේ අනුමැතිය !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හීං බිංකොහොඹ ශාඛය ඇසුරෙන් නිපදවූ  දේශීය ඖෂධයක් , කොරෝනා මර්ධනය සඳහා යොදාගැනීමට , තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය අනුමැතිය ලබාදී  ඇත .

මේ වන විටත් එරට රජයේ රෝහල් 5 ක එම ඖෂධය  ලබාදීම ආරම්භ කර ඇති අතර , සුළු රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන , අවුරුදු 18 ත් 60 ත් අතර කොරෝනා වෛරස ආසාධිතයින්ට , ඔවුන්ගේ කැමැත්ත අනුව මෙම ඖෂධය ලබාගත හැකි බව තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ කර ඇත .

තායිලන්තයේ සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ කොරෝනා රෝගය හඳුනා ගෙන පළමු පැය 72 අතර අතරතුර මෙම හීන් බිංකොහොඹ ඖෂධය ලබා ගතහොත් දින තුනක් ඇතුළත සැලකිය යුතු මට්ටමකින්  සුවයක් අත් වන බවය

මෙම ඖෂධය කිසිදු අතුරු ආබාධයක්  ඇති නොකරන බවද එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත .

 

* මේ පිළිබඳව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවියේ සඳහන් වූ  වාර්තාව