ETI එදිරිසිංහ අධ්‍යක්ෂවරුන් සිව්දෙනා අදත් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

ඊටීඅයි සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ සහ අංජලී එදිරිසිංහ යන අය යළිත් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසිනි.

මොවුන් හෙට (9) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔවුන් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුනේ ස්වර්ණමහල් ආයතනයේ හිටපු අධ්‍යක්ෂවරුන් ලෙස එහි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලබමිනි.

මෙවර මොවුන් හතර දෙනා අත්අඩංගුවට ඇත්තේ ඊටීඅයි සමාගමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙනි.