මැතිඇමති වාහනවල සංඥා විදුලි පහන් ගලවා දැමීමේ සූදානමක්

Picture of අසංක

අසංක

දම්පත් රණසිංහ

මැති ඇමතිවරුන් ගමන් ගන්නා වාහනවල ඇති නිල් සහ රතු පැවති දැල්වෙමින් නිවෙන විදුලි පහන් ආරක්ෂක මණ්ඩලය දැනුවත් ‌කොට ගලවා දැමී‌මට ‌පොලීසියේ අවධානය ‌‌යොමුව තිබේ.

ඊට ‌හේතුවී ඇත්තේ ඒවැනි විදුලි පහන් ‌යොදාගනිමින් මත්කුඩු ජාවාරම්කරුවන් සුඛෝපභෝගී වාහනවලින් රටපුරා මත්කුඩු ‌බෙදාහරින බවට ‌හෙළිවීමයි.

ඒම විදුලි පහන් ‌යොදා සකස් කළ වාහන ‌පොලිස් අණනොතකා ද ධාවනය වන බව උසස් ‌පොලිස් නිලධාරියකු ‘ද කලම්බෝ ඒක්ස්ප්‍රස්’ ‌වෙත සදහන් කළේය.

මේ වනවිට ඒවැනි විදුලිපහන් දැල්වූ වාහන ‌පොලීසියට ද හිසරදයක් වී ඇතැයි ඔහු පැවැසීය.