මහර බන්ධනාගාර අධිකාරී ඇතුළු නිලධාරීන් 15කට මාරුවීම්

Picture of අසංක

අසංක

මහර බන්ධනාගාරයේ අධිකාරිවරයා ඇතුළු නිලධාරීන් පහළොස් දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.

ඒ අනුව මහර බන්ධනාගාර අධිකාරිවරයා පුහුණු පාසලට හා සෙසු අය වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇත.

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් සහ ඒ අවස්ථාවේදී රැඳවූවන් එකොළොස් දෙනකු වෙඩි වැදී මියයාම මුල් කොට ගෙන මෙම ස්ථානමාරුවීම් සිදුකර ඇතැයි වාර්තා වේ.