නවතම පුවත්

පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තවාදීන් අනුබල දුන් ලාංකිකයන් 3කට කැලිෆෝනියාවේ දී නඩු

අසංක

අසංක

ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 268 දෙනෙකුට මරු කැඳවු කළ අමෙරිකානුවන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයන් සිය ගණනක් තුවාල ලැබූ 2019 පාස්කු ප්‍රහාරයේ චූදිත ත්‍රස්ත කණ්ඩායමට ආධාර කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයින් තිදෙනෙකුට කැලිෆෝනියාවේ චෝදනා එල්ල වී තිබේ.

අමෙරිකානු නීතිපති කාර්යාලයේ ප්‍රකාශයකට අනුව මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තිදෙනාට එරෙහිව ලොස් ඇන්ජලීස් හි ෆෙඩරල් උසාවියේදී, කුමන්ත්‍රණය කිරීම සහ විදේශීය ත්‍රස්ත සංවිධානයකට ද්‍රව්‍යමය ආධාර සැපයීමට උත්සාහ කිරීම යන චෝදනා යටතේ නඩු පවරා තිබේ.

ඔවුන්ට කැලිෆෝනියාවට සම්බන්ධතාවයක් නැති නමුත් විමර්ශනයට නායකත්වය දුන් එෆ්බීඅයි ප්‍රමුඛ ඒකාබද්ධ ත්‍රස්ත කාර්ය සාධක බලකාය ලොස් ඇන්ජලීස් හි පිහිටා ඇති බව අමෙරිකානු නීතිපති කාර්යාලය පවසයි.

මෙම පුද්ගලයින් තිදෙනා ශ්‍රී ලංකාවේ 2019 අප්‍රියෙල් 21 වන දින ප්‍රහාරයට සම්බන්ධ ඉස්ලාමීය අන්‍තවාදීන්ට සහයෝගය දුන් කණ්ඩායමකට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වී ඇත.

ශ්‍රී ලංකාවේ නගර තුනක කිතුනු පල්ලි සහ හෝටල්වලට එහිදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ බව පැමිණිල්ලෙන් කියැවිණි.

“ශ්‍රී ලංකාවේ අයිසිස්” ලෙස හැඳින්වූ කණ්ඩායම වෙනුවෙන් ප්‍රචාරක ප්‍රයත්නයන්හි ප්‍රමුඛයා බවට නෆාර්ට චෝදනා එල්ල වී ඇති අතර, එම කණ්ඩායමට එක්වීමට අනෙක් අය බඳවාගෙන මිලිටරි ආකාරයේ පුහුණුවක් ලබා දුන් බව ද බලධාරීහු පවසති.

ප්‍රහාර සඳහා යොදාගත් පුපුරණ ද්‍රව්‍ය නිපදවීමට උදව් කළ බවට රිස්කාන්ට චෝදනා එල්ල වී ඇති අතර මොහොමඩ් විසින් ශ්‍රී ලංකාවේ පොලිස් නිලධාරියෙකු ආයුධයක් ලබා ගැනීම සඳහා ඝාතනය කිරීම, සැකකරුවෙකු පිළිබඳ තොරතුරු ලබා දුන් පුද්ගලයෙකුට වෙඩි තබා වෙනම ත්‍රස්ත ප්‍රහාරයක් සඳහා ස්ථානයක් පරීක්ෂා කිරීම යන චෝදනා එල්ල වී තිබේ.

ඔවුන් රඳවාගෙන සිටියේ ශ්‍රී ලංකාවේ වන අතර ඔවුන් වෙනුවෙන් කතා කළ හැකි නීතිඥයින් කැලිෆෝනියාවේ සිටීද යන්න පැහැදිලි නැත.

“මෙම නඩුව පැහැදිලිවම පෙන්නුම් කරන්නේ ලෝකයේ ඕනෑම තැනක සිටින ඇමරිකානුවන් ඉලක්ක කර ගත් විට ත්‍රස්තවාදීන්ට යුක්තිය ඉටුවීමට එක්සත් ජනපදය තීරණාත්මක පියවර ගනු ඇත. විත්තිකරුවන් යුක්තිය මග හැරීමට උත්සාහ කළහොත් මෙම චෝදනා සමඟ අප ක්‍රියාත්මක වීමට සූදානම් බව මෙම පැමිණිල්ලෙන් පැහැදිලි වේ.” යැයිද අමෙරිකානු නීති

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා