හකීම්ටත් කොවිඩ්

Picture of අසංක

අසංක

පාර්ලිමේන්තු මන්ත්‍රී මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාට කොරෝනා  වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

අද පෙරවරුවේ ඒ පිළිබඳ දැන ගන්නට ලැබුණු බව මන්ත්‍රීවරයා පවසයි.

ඔහු ගොවි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කෙරෙන බව වාර්තා වේ.

මන්ත්‍රීවරයා දන්වා සිටින්නේ තමා සමග පසුගිය දින  10 තුළදී සම්බන්ධ වූ සියලු දෙනා සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙසයි.

පාර්ලිමේන්තුවේ කොවිඩ්  ආසාදනය වූ දෙවැනි මන්ත්‍රීවරයා රවුෆ් හකීම් මහතා යි.

පළමුවැන්නා වූයේ ආණ්ඩුවේ අමාත්‍යවරයකු වූ දයාසිරි  ජයසේකර මහතා යි.