චීනයේ සියලූ පුරවැසියන්ට කොරෝනා එන්නත නොමිලේ ලබාදීමට එරට රජය තීරණය කර ඇත .
. ඒ අනුව සාමාන්‍ය ජනතාව කොරෝනා එන්නත සඳහා කිසිදු මුදලක් වියදම් කළ යුතු නොමැති බවය චීන බලධාරීන් නිවේදනය කර ඇත
. එන්නත් සඳහා දැරිය යුතු පිරිවැය ජාතික වෛද්‍ය රක්ෂණ අරමුදලෙන් සහ රජයේ අරමුදල් මගින් ආවරණය කෙරෙනු ඇති බවද එරට සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත .
චීනය මේවනවිටත් කොරෝනා මර්ධන එන්නතක් නිපදවා ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු නිකුත් කර නැත.