නවතම පුවත්

වධහිංසා වැළැක්වීම පිළිබඳ ජගත් සංවිධාන කමිටුව ලබන 02 වැනිදා ලංකාවට

අසංක

අසංක

පැතුම් වික්‍රමරත්න

වධ හිංසා වැලැක්වීම සඳහා වූ ජගත් සංවිධානයේ විශේෂ උප කමිටුවක් එළඹෙන අප්‍රේල් 02 දින ශ්‍රී ලංකාවේ සංචාරයක තුල සංචාරය කිරීමට නියමිත වේ.

මෙම සංචාරයේදී මෙරට රජයේ අමාත්‍යවරුන් , ඉහල නිලධාරීන් ,මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මෙන්ම සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් සමගද සාකච්ජා පැවැත්වීමට මෙම ජගත් අනු කමිටුව සැලසුම් කර ඇත.

එසේම මෙම සංචාරය අතරතුර, මෙරට බන්ධනාගාර, පොලිස් ස්ථාන, විවිධ රැඳවුම් මධ්‍යස්ථාන මෙන්ම මානසික රෝහල් ආදී ස්ථාන රැසක් නිරීක්ෂණය කිරීමටද එක්සත් ජාතීන්ගේ අනුකමිටුව කටයුතු කරනු ඇති බව ජගත් සංවිධාන අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කර සිටී.

මෙරට නිරීක්ෂණ සංචාරයෙන් අනතුරුව ජගත් අනුකමිටුව ශ්‍රී ලංකාව පිලිබඳ විශේෂ වාර්තාවක් සකස් කර ජගත් මානව හිමිකම් කවුන්සිලය වෙත භාරදීමටද කටයුතු කරනු ඇති බව වාර්තාවේ. මෙම කමිටුව සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් සමන්විත වන අතර එහි ප්‍රධානත්වය දරනු ලබන්නේ මෝල්ඩෝවා ජනරජයේ වික්ටර් සහරියා මහතාය . ඔවුන් අප්‍රේල් මස 12 දින තෙක් මෙරට රැදී සිටීමට නියමිතය .

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා