නවතම පුවත්

පොලිසියට නීතිඥවරුන් 150 ක් බඳවා ගැනීමේ තීරණයක්

අසංක

අසංක

ශ්‍රී ලංකා පොලිසියට නීතිඥවරුන් 150ක් බඳවා ගැනීමට අවධානය යොමුව තිබේ.

ඒ බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අද පොලිසියේ නීති අංශ භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, නීති අංශයේ අධ්‍යක්ෂ රුවන් ගුණසේකර, ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශ අතිරේක ලේකම් පියුමන්ති පීරිස් යන අය සමඟ පැවති හමුවකදී සාකච්ඡා කර තිබේ.

පොලිස් නිලධාරීන් ලෙස නීතිඥවරුන් බඳවා ගැනීමේ යෝජනාව ජනාධිපතිවරයාගේ අදහසක් බව අධිකරණ අමාත්‍යවරයා එම හමුවේදී ප්‍රකාශ කර ඇත.

මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරියේදී කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරන බවත් පැවසේ.

මෙම නීතිඥවරුන් බඳවාගනු ලබන්නේ ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුරට ය.

මේ පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස මෙම නීතිඥවරුන් බඳවාගනු ලබන්නේ ස්ථිර සේවා සඳහා නොව , සහයක සේවා සඳහා බවයි.

වසර තුනක සේවා කාලයකින් පසු සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස්වීමක් ලබාදීමේ ක්‍රමවේදයක් ද මෙහිදී ක්‍රියාත්මක කෙරේ.

පොලිසියේ දැනට සේවය කරනු ලබන නීතිඥවරුන් ගණන 29ක් පමණකි.

ඔවුන් අතර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්, නියෝජ්‍ය පොලිස්පතිවරුන් හයදෙනෙක්, පොලිස් අධිකාරිවරුන් 14ක්, පොලිස් පරීක්ෂකවරුන් නව දෙනෙක් කටයුතු කරති.

මහජනතාවට නීතිය සමීප කරවීමට සහ පොලිසිය මගින් ලබාදෙන සේවය තවදුරටත් කාර්යක්ෂම කිරීම උදෙසා නීතිඥවරුන් මෙලෙස පොලිසියට බඳවා ගැනීමට අවශ්‍ය වී ඇතැයි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

නඩු කටයුතුවලදී මෙම නිලධාරීන් අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට හැකියාව පැවතීම ද මෙහි තවත් අරමුණකි.

දිවයිනේ සෑම ප්‍රදේශයකටම මෙලෙස නීතීඥවරුන් බඳවාගෙන පොලිස්ථාන සඳහා යොමු කෙරේ.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් පසු ඉදිරියේ දී මෙම බඳවා ගැනීම් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ද කිරීමටද කඩිනමින් කටයුතු කරන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොලිසියට මෙම ක්‍රමවේදය යටතේම වෛද්‍යවරුන් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස බදවා ගැනීම දැනට සිදුවන්නකි.

එමෙන්ම සැලසුම් ශිල්පීන්, කාර්මික ශිල්පීන් ද පොලිසියට මේ අයුරින් බඳවා ගැනීම මෙතෙක් පැවතිණ.

අභ්‍යන්තර ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ පුත්‍රයා වෛද්‍යවරයකු වූ අතර ඔහු සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස පොලිස් රෝහලට බඳවා ගැනුණේ ද මේ අනුවයි.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්