පළාත් සභා ඡන්දය ගැන අලුත් මැතිවරණ කොමිසමට ඉල්ලීමක් 

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි
 පළාත් සභා මැතිවරණය කඩිනමින්  පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.
නව මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයින් අතර පළමු සාකච්ඡාව ඊයේ (11) පෙරවරුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණ.
එහිදී දේශපාලන පක්ෂ නියෝජිතයන් අවධාරණය කර ඇත්තේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා දැනට පවතින ගැටලු නිරාකරණය කිරීම හැකි ඉක්මණින් කළ යුතු බවයි.