පුද්ගලික අංශයේ වැටුප් සහන කාලය දීර්ඝ වේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

Covid-19 වසංගතය හේතුවෙන් ඇති වී තිබෙන අර්බුදය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟ වූ සහන කාල සීමාව ලබන මාර්තු මස අවසානය දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා  කළ යෝජනාවකට අනුව මෙසේ අනුමැතිය හිමිවී ඇති අතර ඒ අනුව  2020 දෙසැම්බර් මස 31 වනදායින් අවසන් වීමට නියමිතව තිබූ එම සහන කාලය ලබන මාර්තු මාසය අවසානය දක්වා දීර්ඝ  කර ඇත ..

සේවා යෝජකයින්, සේවක වෘත්තිය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ස්ථාපිත කාර්ය සාධක බලකා රැස්වීමේදී පෞද්ගලික අංශයේ වෘත්තිකයින්ට සහන සැලසීමට අදාළ පහත තීරණවලට එළැඹී බවද කම්කරු අමත්‍යංශය සඳහන් කර සිටී ..

*සේවකයින්ගේ රැකියා අහිමි නොකර පවත්වා ගැනීම.

*සෑම සේවකයෙකුටම සේවය කිරීමට හැකිවන පරිදි සමානුපාතිකව අවස්ථාව ලබා දීම.

*සේවකයින් නිවෙස්වල රැඳි සිටිය යුතු වන්නේ නම්, අවසන් වරට සම්පූර්ණ වැටුප ගෙවන ලද මාසික වැටුපෙන් 50% ක් හෝ රුපියල් 14, 500ක මුදලින් වාසිදායක මුදල ලබාදීම

* එම වැටුප සඳහා සේවා යෝජක විසින් සේවක අර්ථසාධක අරමුදලට හා සේවක භාරකාර අරමුදලට දායක මුදල් ගෙවීම