අවිධිමත් ලෙස සංචාරකයින් ගෙන්වූවොත් , රාජකාරිවලින් ඉවත්වනවා – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරියටත්  අවිධිමත් ලෙස මෙරටට විදෙස් සංචාරකයින් ගෙන්වීමට පියවර ගතහොත් තම රාජකාරිවලින් ඉවත්වීමට කටයුතු කරන බව  , මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් අනතුරු අඟවා සිටී .

සංචාරකයින් ගෙන්වීමට අදාළ  නියමු ව්‍යාපෘතියේදී ලබාදුන් මාර්ගෝපදේශ පවා උල්ලංඝණය වු අවස්ථා දක්නට ලැබුණු බවත් මෙම තත්වය ඉදිරියටත් පැවතුනහොත්  දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට තම සංගමයට සිදුවන බවත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍යවෙත අද පැවසීය

නිවැරදි ක‍්‍රමවේද අනුගමනය නොකොට   සංචාරකයින් ගෙන්වීමෙන් සිදුවන්නේ රටේ ජනතාව අනතුරේ හෙළීමක් වන බවද උපුල් රෝහණමහතා  පැවසීය