කොරෝනා ව්‍යාප්තිය හමුවේ මලයාසියාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමට එරට රජු අල් සුල්තාන් අබ්දුල්ලා පියවර ගෙන ඇත
,පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව . මෙලෙස හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීම විශේෂ සිදුවීමක් බවද ජාත්‍යන්තර විචාරකයින් සඳහන් කර ඇත
මේ හමුවේ පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවීමට ද මැලේසියාව පියවර ගත් අතර එරට අගනුවර සහ ප්‍රාන්ත පහක් හෙට සිට සති දෙකක කාලයක් වසා දමන බව ද මලයාසියානු අග්‍රාමාත්‍යවරයා නිවේදනය කළේ ය.
මලයාසියාව පුරා සංචාරක තහනමක් බලාත්මක කිරීමට ද අග්‍රාමාත්‍යවරයා පියවර ගත්තේ ය.
මෙම හදිසි තත්ත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමග මැලේසියාවේ කොටස් වෙළඳපොළෙහි කොටස් අගය ද 1. 3% ක ප්‍රතිශතයකින් පහත වැටිණ.