අලුත් කොවිඩ් ප්‍රභේදය ලංකාවටත් ඇවිත් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

බ්‍රිතාන්‍යයෙන් මෑත කාලයේදී වාර්තා වූ නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අනාවරණය කර සිටී .

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය මහාචාර්ය නිළිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයේදී මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සම්බන්ධයෙන් කරුණු හෙළි කර ගෙන ඇති බවද  විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර  මාධ්‍ය  වෙත සඳහන් කළේ.

වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි පුද්ගලයෙකුට බවද  වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් මාධ්‍ය  කළේය .

බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය VUI-202012/01 ලෙස නම් කර ඇති අතර . මෙමප්‍රභේදය අනෙකුත් කොවිඩ් ප්‍රභේදයන්ට සාපේක්ෂව සීයයට 50 ක වේගයෙන් ව්‍යාප්තියක් පෙන්නුම් කරන බවද  වෛරස විද්‍යාඥයින් සඳහන් කර සිටී ..