එක්සත් ජාතික පක්ෂයේ සහකාර නායකයා ලෙස හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පත් කෙරේ.
අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදු කර ඇත.
එජාප මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පත්කර තිබේ.
එමෙන්ම හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එජාප සභාපතිවරයා ලෙස පත්කොට තිබේ.