රුපියල යළි පහළට

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද (13) නැවත වරක්  පහළ ගියේ ය.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවල සඳහන් වූ  විකුණුම් අගය අද (13) රුපියල් 194.07ක් ලෙසත් ගැනුම් අගය රුපියල් 190.33ක් ලෙසත් දැක්විණි.

අවසන් වරට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 194ක් දක්වා පහළ ගියේ ඉකුත් දෙසැම්බර් මස 24 වැනිදා ය.

රුපියලේ අගය ස්ථාවර කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුව එම අවස්ථාවේදී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

මේ මස මුල් සතියේදී රුපියල යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ ද මේ වනවිට රුපියලේ අගය නැවතත් පහළ යෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර ඇත.

 

මේ අතර ජනවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 0.5කින් ඉහළ ගොස් ඇත.