නවතම පුවත්

ශ්‍රී ලංකාවේ ජනතාවට කොවිඩ් එන්නත පෙබරවාරි මැද සිට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

කොරෝනා වෛරසය මර්දනය පිණිස මෙරට ජනතාවට ” ඔක්ස්පර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා ” නමැති එන්නත ලබන මාසයේ (පෙබරවාරි) මැද සිට ලබාදීමට කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය  සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කළාය.

කොරෝනා රෝග තත්ත්වය පාලනය පිනිස ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (16) පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.

මෙම එන්නත දිවයිනෙහි ස්ථානය 4000 කදී ලබාදීමට සැලසුම් කොට ඇති බව අමාත්‍යවරිය සදහන් කළ අතර මේ සදහා ඉලක්කගත කණ්ඩායමක් හදුනාගැනීමට පියවර ගෙන ඇති බවත් එන්නත ලබා දීමේ දැවැන්ත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිනිස සෞඛ්‍ය පළාත් සහ දිස්ත්‍රික් අධ්‍යක්ෂවරුන් , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් , මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෛද්‍යවරුන්ගේ සහාය ඉල්ලා සිටින බවද මෙහිදී පැවසූවාය.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි