නවතම පුවත්

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතුකරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පැවති විවිධ අර්බුදකාරී තත්ත්වයන් හමුවේ වුවද උසස් පෙළ විභාගය සාර්ථකව පැවැත්වීමේ හැකියාව ලැබුණු බව අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව පැවසීය.

ලබන මාර්තු මාසයේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ද පැවැත්වීමට සැලසුම්කර ඇති අතර එහි ප්‍රතිඵල ද ජුනි මාසය වනවිට නිකුත් කිරීමට පියවර ගන්නා බවද ජී. එල් පීරිස් අමාත්‍යවරයා සඳහන් කරයි.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා