සියලුම බස් සංගම් ඒකාබද්ධව හෙට (18) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ අඛණ්ඩ බස් රථ වර්ජනය තාවකාලිකව අත්හිටුවා ඇත.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවකින් පසුව බස් සංගම් මෙම තීරණය ගෙන ඇත
ඒ අනුව ගැටලු සඳහා විසදුම් ලබාදීමට සතියක කාලයක් ලබා දීමට බස් සංගම් එකඟතාවය පල කළ බවත් එසේ නොමැතිනම් ලබන සතියේ සිට බස් වර්ජනය ක්‍රියාත්මක කරන බවත් ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
බස් රථ සදහා 4% පොලී අනුපාත යටතේ ලක්ෂ තුනක ණය පහසුකම් ලබාදීම, පෞද්ගලික බස් රථ සදහා ලොග් ෂීට් සඳහා මුදල් අය නොකිරීම, ලීසිං සහනය ලබාදීම, ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පළාත් ප්‍රවාහන අධිකාරිය ඉවත්කර ලංගම සහ පෞද්ගලික බස් රථ පාලනයට වෙනම ආයතනයක් ස්ථාපිත කිරීම ඇතුළු ඉල්ලීම් සම්බන්ධයෙන් බස් සංගම් රජයෙන් ඉල්ලීම් කර තිබේ.