දුර ගමන් දුම්රිය සේවා හෙට සිට යලි ඇරඹේ

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුර ගමන් දුම්රිය සේවා හෙට(18) සිට යළි ධාවනයට එක්කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත

ඒ අනුව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රියත් කොළඹ කොටුව සිට මහනුවර දක්වා ධාවනය වන නගරාන්තර සීඝ‍්‍රගාමි දුම්රියත්, ගල්කිස්ස සිට කන්කසන්තුරය දක්වා ධාවනය කරන යාල්දේවි දුම්රියත්, කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වන උත්තර දේවි දුම්රියත්, කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වන උදය දේවී දේවී සීග‍්‍රගාමී දුම්රියත් හෙට දිනයේ සිට ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

මෙයට අමතරව මරදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දක්ෂිණ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රියත්, මාතර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන සීඝ‍්‍රගාමී දුම්රියත් ධාවනයට එක්කිරීමට නියමිතය.