දේශීය පැණිය බිවු රාජ්‍ය ඇමතිවරයකුටත් කොවිඩ්

Picture of අසංක

අසංක

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින්  තහවුරු වී ඇත.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා නිපදවූ කොවිඩ් නසන ඖෂධය ඔහු විසින් පාර්ලිමේන්තුවට ගෙන ගිය අවස්ථාවේදී කථානායකවරයා ඇතුළුව එය පානය කළ මන්ත්‍රීවරු අතර  පියල් නිශාන්ත අමාත්‍යවරයා ද විය. ඉහත සේයාරුව එම අවස්ථාවේදී ගත් ඡායාරූපයකි.

වෙදමහතා පවසා තිබුණේ එම ඖෂධය වරක් පානය කරන අයකුට කිසිදු දිනෙක යළි කොවිඩ් ආසාදනය නොවන බවයි.

මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන සිටී.