කොරෝනා එන්නත 50% ක පිරිසකට නොමිලයේම ලබාදෙනවා – ඇමති කෙහෙළිය

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එළඹෙන පෙබරවාරි මස අවසන්වීමට  පෙර , මෙරට  මිලියන 11ක පිරිසකට  කොරෝනා එන්නත ලබාදීමට කටයුතු යොදන බව  කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද දින  ප්‍රකාශ කළේ ය.

එන්නත්කරණයට අදාළ පුද්ගලයින්ගෙන් , 50% කට ආසන්න පිරිසකට  එය නොමිලේ ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා මෙහිදී  කියා සිටියේය.

, දැනට එන්නත් 4 ක් පිළිබඳව අවධානය යොමු වී ඇති බවත් වඩාත්ම සුදුසු එන්නත් මෙරටට ලබාගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පැවසීය .