ඇමරිකාව නඩු දැමූ පාස්කු සැකකරුවන් 2නෙකුගෙන් පාස්කු කොමිසම සාක්ෂිවත් අරන් නෑ

Picture of අසංක

අසංක

මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලද සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙකුගේ පාස්කු විමර්ශනය සඳහා පත්කර ඇති ජනාධිපති කොමිසම විසින් මෙතෙක් සාක්ෂි විමසා විමසා නැති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

අමෙරිකාව විසින් නඩු පවරන ලද තිදෙනා අතුර සිටින මොහොමඩ් මිල්හාන් සහ නෞෆර් මවුලවි යන අයගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතත් පාස්කු කොමිසමේ විමර්ශන අංශය විසින් මේ වන විට සාක්ෂි විමසා ඇත්තේ මිල්හාන්ගෙන් පමණක් බව වාර්තා වේ .

එම සැකකරුවන් අතර සිටින මොහොමඩ් රිෆ්කාන් නැමැති සැකකරුගෙන් ප්‍රශ්න කිරීමට කොමිසමේ විමර්ශන අංශය අවස්ථා කිහිපයක දී බලධාරීන්ගෙන් ඉල්ලීම් කර ඇතත් ඔහු සම්බන්ධයෙන් පාස්කු විමර්ශන අංශයට ප්‍රකාශ ලබා ගැනීමට ඔහු ඉදිරිපත් කර නැති බවද කොමිසමේ තොරතුරු සඳහන් කළේය.