මේ වනවිට මෙරටින් දෛනිකව හමුවන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහල ගොස් ඇති බවත් මෙම තත්වය ඉදිරියටත් පැවතුණොත් මෙරට රෝහල් පද්ධතිය සහ මහජන සෞඛ්‍ය පද්ධතිය කඩාවැටීමේ දැඩි අවදානමක් ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවා සිටී ..
මේ පිළිබඳව වගකිවයුතු අංශ වහා අවධානය යොමුකළ යුතුව ඇතිබවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද පැවසීය .
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය ,
“කොවිඩ් මර්දනයේ උපක්‍රමශීලී ප්‍රවේශයන් අපේ රටට ගැලපෙන පරිදි අවශ්‍ය වෙනස්කම් සිදුකරමින් ඉදිරියට ගමන් කළේ නැත්නම් ජනවාරි මාසෙ කෙළවර වෙනකොට අපේ රටත් කොතනින් නතර වෙයිද කියන ප්‍රශ්නය මේ වෙනකොට මතුවී තියෙනවා ,රෝගීන් සංඛ්‍යාවේ අසාමාන්‍ය ඉහළ යාමත් අසාමාන්‍ය ලෙස වැඩිවෙලා . උදාහරණයක් හැටියට පෙරේදා දිනයේ අපි 425ක් සුවකරලා ගෙදර යවනකොට 749ක් රෝගීන් එනවා. පහුගිය සතියකට එහා පැත්තෙ බැලුවාම අපට පුළුවන් වුනා සුවකරලා යවන සංඛ්‍යාව දෛනිකව වාර්තා වෙන රෝගීන් සංඛ්‍යාවට වැඩි ගාණක තියාගන්න. ඒ නිසා අපෙ පද්ධතියට බරක් එකතු වුණේ නෑ. නමුත් දැන් දෛනිකව අපෙ පද්ධතියට බර එකතුවෙමින් තියෙනවා.”