රංජන්ගේ “මන්ත්‍රී අසුන” ගැන සති තුනකින් තීරණයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී අසුන අහිමිවීම පිළිබඳ කරුණු අධ්‍යයනය කර සති තුනක් ඇතුළත තීරණයක් ලබාදෙන බව කථානායකවරයා අද පාර්ලිමේතුවේදී සඳහන් කළේය

මැති ඇමතිවරු විසින් ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමත් සමග කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය අහිමිවීම පිළිබඳ කරුණු ඉදිරිපත් කරමින් ඕනෑම මන්ත්‍රීවරයෙකුට හෝ කණ්ඩායමකට ලිඛිතව යමක් ඉදිරිපත් කිරීමක් ඉදිරි සති දෙක තුළ සිදුකළ හැකි බවත් කථානායකවරයා මෙහිදී  පැවසීය.

එම හේතූන් ද සැලකිල්ලට ගෙන විධිමත් උපදෙස් මත මේ සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදෙන බව කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර සිරදඬුවම් නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන අහිමි වන බව නීතිපතිවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දී ඇත